ඔබ සැමට සුබ නව වසරක් වේවා!

Screenshot-2021-01-01-055636.png

නව වසරක්, ජීවිතයට අළුත් බලාපොරොත්තු සමුදායක්. 2020 වසර තරමක් දුෂ්කර අවදියක්,
විශේෂයෙන්ම කොරෝනා වසංගතය ඔබ අප සැමගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කළා. 2021 වසරේ මේ වසංගතය පරාජය වනු දැකීම අප හැමගේ පළමු ප්‍රාර්ථනයයි. එහෙත්, මේ සටන ජයගන්නා තෙක්, ඔබත් ඔබේ ආදරය දිනාගත් සියළු දෙනාත් රැක ගැනීම ඔබ හමුවේ ඇති පළමු වගකීමයි. විමසිලිමත්ව, භෞතික දුරස්ථභාවය රැකගනිමින් සහ නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් කටයුතු කිරීම අත්‍යාවශ්‍යයයි.

2020 වසරේ අප විසින් ආරම්භ කළ මෙම වෙබ් අඩවිය වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම අපගේ අරමුණයි. ලෝකය පිළිබඳවත්, විවිධ සිදුවීම් පිළිබඳවත් නිරවද්‍ය, අපක්ෂපාතී සහ වගකීමකින් යුත් වාර්තාකරණයක්, ආඛ්‍යානයක් ඉදිරිපත් කිරීමට අප කැපවීමෙක් කටයුතු කරමු. වසර පුරාවටම ඔබගේ දැනුමේ නිම් වළලු වඩාත් පුළුල් කිරීමට අප අදිටන් කොටගෙන සිටිමු.

ඔබ සැමට සුබ නව වසරක් වේවා!

විජය දිසානායක

ප්‍රධාන සංස්කාරක

Currentaffairsstudies.com

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top