කොවිඩ් – 19 සහ වෙනත් රෝග වැළැක්වීම සඳහා අත් සේදීම ඵලදායී මෙවලමක්: ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

global-handwashing-day-1200x834-1.jpg

සෑම වසරකම ඔක්තෝබර් 15 වන දින ගෝලීය අත් සේදීමේ දිනය පවත්වනු ලබන්නේ රෝග නිවාරණය සඳහා ලදායී මාධ්‍යයක් ලෙස අත් සේදීමේ වැදගත්කම ඉස්මතු කර දැක්වීම සඳහා ය. මෙම සරල, ලාභදායී භාවිතයෙන් ජීවිත බේරා ගත හැකි බව ලෝකයට තීරණාත්මක මතක් කිරීමක් මේ වසරේදී සනිටුහන් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්තිය ආරම්භවී මාස දහයක් ගතව ඇති තැන, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොවිඩ් –19 සම්ප්‍රේෂණය වළක්වා ගැනීමට නම් ප්‍රධාන වශයෙන් සබන් යොදා අත් සේදීම සහ භෞතික දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම, කහින විට ආචාරශීලී ක්‍රම අනුගමණය කිරීම,  මුහුණු ආවරණයක් පැළඳීම වැනි මහජන සෞඛ්‍ය පුරුදු අනුගමණය කිරීම බෙහෙවින් ආරක්ෂාකාරී පියවර වන බවයි.

අත් සේදීම සැමවිටම රෝග වළක්වා ගත හැකි වඩාත් ලදායී ක්‍රමයකි. එය අප නිරෝගීව හා ආරක්ෂිතව තබා ගැනීමේදී ලාභාංශ ගෙවන සරල ක්‍රියාවකි. අත් සේදීම යනු කොවිඩ් –19 වැළැක්වීමේ ප්‍රධාන අංගයකි.

වෙන කවරදාකටත් වඩා අපි යථාර්තයට මුහුණදෙමින් කොවිඩ් –19 සමඟ ජීවත් වන විටරෝග වලින් අපව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වසංගතයෙන් හා ඉන් ඔබ්බට ජීවත් වන විට අත් සනීපාරක්ෂාව අපගේ දෛනික චර්යාවේ සහ අපගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්කර ගත යුතුය”, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ කලාපීය අධ්‍යක්ෂ පූනම් කේත්‍රපාල් සිං පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොවිඩ් –19 සම්ප්‍රේෂණය ප්‍රධාන වශයෙන් මිනිසුන් අතර සෘජුව හෝවක්‍රව – දූෂිත වස්තූන් හෝ පෘෂ්ඨයන් හරහා පැතිරීම – හෝ මුඛය සහ නාසය ස්‍රාවය කිරීම මගින් ආසාදිත පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමවළක්වා ගැනීමට නම් සබන් යොදා ජලයෙන් සේදීම ඉතා වැදගත් බවයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top