ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රධානියා ලෙස මුල්වරට අප්‍රිකානු ජාතිකයෙකු පත්වීමට අමෙරිකා එක්සත් ජනපදයෙන් බාධා

115107315_p067k69d.jpg

ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නායකත්වය සඳහා නයිජීරියාවේ හිටපු මුදල් ඇමතිනි ඔකොන්ජෝ-ඉවාලා පත් කිරීම අවහිර කිරීම සම්බන්ධයෙන් අප්‍රිකානු කලාපයේ රටවල් අමෙරිකා එක්සත් ජනපදයට විරුද්ධත්වය පළකරයි.

බදාදා, ලෝක වෙළඳ සංවිධානයේ නාමයෝජනා කමිටුව විසින් කණ්ඩායමේ සාමාජිකයින් 164 දෙනා එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා පත් කරන ලෙස නිර්දේශ කරන ලදී.

ලෝක වෙළඳ සංවිධානයට නායකත්වය දුන් පළමු කාන්තාව සහ පළමු අප්‍රිකානු ජාතිකයා බවට ඇය ඉතිහාසයට එක්වනු ඇත.

එහෙත්, ලෝක වෙළඳ සංවිධානය ගෝලීය වෙළඳාම සම්බන්ධයෙන් කටයුතු කිරීම විවේචනය කරන අමෙරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාවේ යූ මියුන්ග්-හී නම් තවත් කාන්තාවක් යෝජනා කරයි. ලෝක වෙළෙඳ සංවිධානය ප්‍රතිසංස්කරණය කළ හැක්කේ ඇයට පමනක් බව වොෂිංටනය කියා සිටි.

තමා එම තනතුරට නිම් කිරීම සම්බන්ධයෙන් නිහතමානීව සතුටු වන බව ඔකොන්ජෝ-ඉවාලා පවසයි.

එහෙත් ඊළඟ ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමට අදාළ මාස හතරක තේරීම් ක්‍රියාවලියට වොෂිංටනයේ මැදිහත්වීමෙන් බාධා එල්ලවී තිබේ. දකුණු කොරියාවේ වෙළඳ ඇමතිවරියට තමන් තවදුරටත් සහාය දෙන බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

ලෝක වෙළඳ සංවිධානය විවේචනයට ලක්කරමින්, වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට උපදෙස් දෙන එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය කියා සිටියේ මෙම සංවිධානය මෙහෙයවිය යුත්තේ ක්ෂේත්‍රයේ සැබෑ අත්දැකීම් ඇති අයෙකු විසින් බවයි.

යූ මහත්මිය වෙළඳ විශේෂඥයෙකු ලෙස “කැපීපෙනෙන” බවත් “සංවිධානයේ ඵලදායී නායකයෙකු වීමට අවශ්‍ය සියලු කුසලතා ඇති” බවත් එම නිවේදනයේ දැක්වේ.

ට්‍රම්ප් ලෝක වෙළඳ සංවිධානය “භයානක” හා චීනයට පක්ෂග්‍රාහී යැයි හඳුන්වන අතර සංවිධානයේ ප්‍රධාන භූමිකාවන් සඳහා වන සමහර පත්වීම් දැනටමත් අවහිර කර ඇත.

ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රධානී රොබර්ටෝ අසවේදු අගෝස්තු මස මුලදී වසරකට පෙර ඉල්ලා අස්වීමෙන් පසුව නායකත්වය පිළිබඳ හිඩැසක් නිර්මාණය විය. ලෝක වෙළඳ සංවිධානය මේ වන විට නියෝජිතයින් හතර දෙනෙකු විසින් මෙහෙයවනු ලබයි.

66 හැවිරිදි ඔකොන්ජෝ-ඉවාලා මහත්මිය සිය රටේ පළමු කාන්තා මුදල් හා විදේශ ඇමතිවරිය ලෙස සේවය කළ අතර ලෝක බැංකුවේ සංවර්ධන ආර්ථික විද්‍යාඥවරියක් ලෙස වසර 25 ක වෘත්තියක් ඇත.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top