Photograph: Roman Pilipey/EPA
වුහාන් හි ජියැන්ගන් පාර දෙසැම්බරයේ අග භාගයේ කටුක සීතල මධ්‍යයේ වුව ද සාප්පු සවාරි යන්නන් හා ඇවිදින්නන්ගෙන් පිරී පවතී. යැන්ට්සි ගඟේ පුළුල් ඉවුර අසල මාර්ගය අවසන් වන හන්කූ ආසන්නට පැමිණි විට රේගු මන්දිරයේ පැයේ කණිසම නාද වනු ඇසිණ.

Photograph: Roman Pilipey/EPA
නගරයේ ප්‍රධාන පදික මාර්ගයේ අවන්හල් අයිස් සහිත සතියේ දින රාත්‍රියක පවා පිරී ඇති අතර ඝෝෂාකාරී සංවාද වලින් වායුගෝලය පිරී යයි.
වීථියේ කඩිමුඩියේ යනෙන ජනයා, දීප්තිමත් විදුලි පහන් සහ රාත්‍රී භෝජන සංග්‍රහයන් 2019 දෙසැම්බර් 31 සිට වසරක් වැනි කෙටි කාලයකදී නගරයක් යථා තත්ත්වයට පත්ව ඇති බවට සාක්ෂි දරයි. අදින් හරියටම වසරකට පෙර නගරයේ සෞඛ්‍ය බලධාරීන් නාඳුනන නියුමෝනියාවක් පැතිරීම පිළිබඳව බීජිංහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තම සගයන්ට වාර්තා කළහ.
ජනවාරි මැද භාගයේදී වෛරසය වැළඳුණු 22 හැවිරිදි වුහාන් නිවැසියෙක් පැවසුවේ “ඉදිරි දිනවලදී මිනිසුන්ට යම් බියක් ඇති වේවි” කියායි. “වෛරසය නැවත පැමිණේ යැයි බියක් නොව, ඒ කාලයේ මතකයන් ඇති කරන බිය” ඔහු උණ බම්බු තැටියක පුරවන ලද තරමක උකු ගතියකින් යුත් ඩම්ප්ලිං සුප් කෝප්පයක් පානය කරමින් කියා සිටියේය.
වෛරසය පාලනය කළ හැකි, වළක්වා ගත හැකි සහ බෝ නොවන බව බලධාරීන් ප්‍රකාශ කොට සති කිහිපයකට පසුව වුහාන් නගරය සහ එහි මිලියන 11 ක පමන පදිංචිකරුවන් ජනවාරි 23 වන දින හදිසියේම අගුලු දැමීමකට ලක් කෙරිණ. කොවිඩ් -19 ලෙස හැදින්වූ මෙම රෝගය ලොව පුරා ව්‍යාප්ත වී මිලියන 2 කට ආසන්න පිරිසක් මරණයට පත්වීම සීමා කිරීම මෙහි අරමුණ විය.
වුහාන් හි, බොහෝ දෙනෙකු තවමත් වසරකට පෙර සිදු වූ දේ සහ එයින් ඔවුන් උගත් පාඩම් මෙනෙහි කරමින් සිටිති.

Xinhua/Xiong Qi
අප්‍රේල් මාසයේදී, දින 76 කට පසු, වුහාන් අගුලු දැමීම නිමාවට පත් විය. ජනතාවට ආහාර සැපයුම් බෙදා හරින ලද අතර දේශීය ස්වේච්ඡා සේවකයන් දහස් ගණනකගේ සහාය ඇතිව රෝගාතුර වූවන් රෝහල් වෙත ගෙන ගියහ. වෛද්‍යවරු සහ හෙදියෝ විඩාවෙන් බිම ඇද වැටෙන තුරු හෝ රෝගයට ගොදුරුවන තෙක් නොනවත්වා රෝගීන්ට ප්‍රතිකාර කළහ. ප්‍රමාණවත් රෝහල් පහසුකම් නොමැතිකමේ අභියෝගයට මුහුණ දී සඳහා කම්කරුවෝ දින කිහිපයකින් තාවකාලික රෝහල් වුහාන්හි ඉදි කළහ.
චීන කොමියුනිස්ට් පක්ෂය ජනතා මතකයේ සදා රැඳී පවතින අන්දමින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමෙහිලා විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කළේය. චීනය පුරා පළාත් වලින් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ මහජන විමුක්ති හමුදා සොල්දාදුවන් යොදා ගනිමින් දරන ලද මෙම ප්රයත්නය සැබවින්ම විශාල ජාතික උත්සාහයක ප්රතිඵලයකි.