‘බේබි ෂාක්’ වීඩියෝව යූ ටියුබ් හි මෙතෙක් ලොව වැඩිම වාර ගණනක් නරඹන ලද වීඩියෝව බවට පත්වෙයි (video)

190115130300-03-baby-shark-grab-pink-fong-exlarge-169.jpeg

මෙම ආකර්ශනීය ළමා ගීතය බිලියන නැරඹුම් සංඛ්‍යාව කෝටි හත්සියයක් (බිලියන1.04) කරා ළඟා වීමෙන් පසු යූ ටියුබ් හි මෙතෙක් වැඩිපුරම නරඹන ලද වීඩියෝව බවට පත්ව ඇත.

කොරියානු-ඇමරිකානු ගායක හෝප් සේගොයින් විසින් පටිගත කරන ලද මෙම ගීතය දකුණු කොරියාවේ අධ්‍යාපන සමාගමක් වන පිංෆොන්ග් විසින් නිෂ්පාදනය කරන ලද අතර එය මුලින් යූ ටියුබ් වෙත උඩුගත කරන ලද්දේ 2016 ජූනි 17 වනදාය.

එතැන් පටන් එය ලොව පිළිගත් නාද රටාවක් බවට පත්ව ඇති අතර 2019 දී බිල්බෝඩ් දර්ශකයේ හොඳම ගීත 100 සඳහා වූ වාර්තාව පවා බිඳ දැමීය.

මීට පෙර යූටියුබ් හි වැඩිම පිරිසක් නැරඹීමට අදාළ වාර්තාවක් තබා තිබූ පුවර්ටෝ රිකන් පොප් තාරකාවන් වන ලුයිස් ෆොන්සි සහ ඩැඩි යැන්කි විසින් රචිත 2017 ‘ඩෙස්පැසිටෝ” ගීතය ද අභිබවා යාමට මේ ගීතය සමත්ව ඇති අතර එම වීඩියෝව 2017 ජනවාරි 12 වන දින උඩුගත කරන ලද අතර එය දර්ශන බිලියන 7.04 කට වඩා අඩුය.

කොරෝනා වෛරස් වසංගතයට අනුව නිසි සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා “බේබි ෂාක්" හි නව සංස්කරණයක් මෙම වසර මුලදී පටිගත කරන ලදී.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top